24 C
Colombo
Sunday, January 5, 2025

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය යට ගහනවා..!

- Advertisement -

දේශපාලන වුවමනා වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවට ගරු සිරිල් ගාමිණී පියතුමන් චෝදනා කරනවා.

ඒ, ඊයේ (21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමන්,

“ඇයි ඇත්ත හෙළිදරව් කරගන්න උත්සහ කරගන්නේ නැත්තේ. ඒක වහන්න උත්සහ කරන්නේ ඇයි ? මේවා විමර්ශනය නොකරන්නේ කාව ආරක්ෂා කරන්න ද? අපි කියමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වගකියන්න ඕන කියලා, බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා. ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්නට ඕනෙ කියලා. ඒක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ.  ඊට පස්සේ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුව සහ CIDඑක කරන්න ඕනේ මේක විමර්ශනය කරන එක. ඒ වගේම ආණ්ඩුව සහ නීතිපතිවරයා කරන්නට ඕනේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒක කරන්නේ නැහැනේ. එතකොට අපිට හිතෙන්නේ මේවා මේ සම්බන්ධතා තියාගෙන ඉන්නවා කියලා.” 

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES