26 C
Colombo
Friday, January 10, 2025

මහජන උපයෝගිතා කොමිසම වහලා තියෙන්නෙ මටත් කියන්නෙ නැතුව – ඩලස්

- Advertisement -

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා වන තමන්ගේද අනුදැනුමකින් තොරව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අදාල ලිපියෙන් 2021 සඳහා යෝජිත අයවැයට අනුකූලව ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසටයි ජයසුන්දර භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2021 අයවැයෙන් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංශෝධනය කිරීම සඳහා පමණක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව රටේ දැනට පවතින විදුලිබල නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට නියෝග කර තිබියදීත් විදුලිබල අංශයට නියාමන ආයතනයක් අවශ්‍ය වන බවද අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES