30 C
Colombo
Sunday, December 15, 2024

ගෑස් නැති නිසා බේකරි 3500 ක් වැහිලා – බේකරි හිමියන්ගේ සංගමය

- Advertisement -

ගෑස් හිඟය හේතුවෙන් රට පුරා පුධෘන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 ක් පමණ වැසී ගොස් ඇති බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් එම ස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් මෙන්ම ඒවායේ සේවය කළ සේවකයන් හා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

මේ අතර බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ගෑස් නොමැතිවීම හේතුවෙන් රට පුරා ඇති බේකරි 7000 න් බේකරි 3500 ක් පමණ වැසීගොස් ඇති බවයි.

ගෑස් ගැටළුවට ඉදිරියේදීත් විසදුම් නොලැබුණහොත් ඉතිරි බේකරි සංඛ්‍යාවද ඉක්මනින් වැසී යන තත්ත්වයකට පත්වනු ඇති බවට එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කරනවා.

ගෑස් ගැටළුවට අමතරව පිටි මිල ඉහළයෑම, පිටි හිඟය, පාම් ඔයිල් තහනම සහ බේකරි නිෂ්පාදන මිල ඉහළයෑම නිසා ඉල්ලුම අඩුවීම වැනි කරුණුද බේකරි වැසීයෑමට හේතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති...

ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් හළ ගොස් තිබෙනවා. ඒ අනුව, එම ජලාශ...

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන...

POPULAR ARTICLES