මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් කවුරුන්දැයි අනාවරණය කරන ලෙස ඉල්ලමින් එම රැඳවියන්ගේ ඥාතීන් දෙසැම්බර් 07 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය නොවැම්බර් 29 වැනිදා සිදුවු ගැටුමකදී රැඳවියන් 11 දෙනකු ඝාතනය වු අතර මේ වනවිට රැඳවියන් 117ක් තුවාල ගබා ඇති බව ප්රකාශ කළද ඒ කවුරුන්දැයි සමීප ඥාතින්ට තොරතුරු ලබා නොදීම සම්බන්ධව සාධාරණය ඉටුකරන ලෙස පවසමින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ගොනු කර ඇත.