25.2 C
Colombo
Thursday, November 28, 2024

කෘෂිකර්ම ඇමති සම්පූර්ණයෙන්ම ෆේල්..! – රාජ්‍ය අමාත්‍ය සුසිල්

- Advertisement -

වෙළෙඳපොලෙහි භාණ්ඩ මිල වැඩිවීමට වෙළෙඳ ඇමැති, කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්පූර්ණයෙන්ම “ෆේල්” බවයි.

මේ වන විට රටෙහි පවතින ආහාර අර්බුදය සඳහා ඊට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවත් රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා.

වගා කරන ගොවීන් හට පොහොර ලබාදීම නැතිකළ පසු භාණ්ඩ මිල ඉහළ යෑම අරුමයක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

තමන් ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල නොමැති බවත්, තමන්ව බංකුවක තබා ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බැවින් මෙම සියලුම ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි වෙනත් කණ්ඩායමක් පත් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමින්

සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා...

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ...

කතානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා. කෝප් සහ කෝපා...

POPULAR ARTICLES