මේ වන විට රටේ භාණ්ඩමිල ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම නිසා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එම නිසා ඊට දේශපාලඥයින් ළඟ විසදුම් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ මොහොතේ දේශපාලඥයින්ට කළ හැක්කේ තම තම නැණ පමණින් හිතට එන දෙයක් කීම පමණනක් බවද අමාත්‍යවරයා පවසනවා.
තමන්ට පවරන ලද වගකීම නිසි ලෙස ඉටු නොකලා නම් තමන්ගේ අමාත්‍ය ධූරය මාරු කළ යුතු බවත් වැරදි සහගත ලෙස ආණ්ඩු බලය හැසිරුවා නම් තමන්ට අමාත්‍ය ධූරයක් ලබා නොදී සිටිය යුතු බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.