24 C
Colombo
Saturday, November 9, 2024

මහින්දගේ නිවේදනයෙන් බැසිල් අගමැතිවීම නවතියි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල දින කිහිපයක් පුරාවටම පැතිර යන ප්‍රචාරයන්හී කිසිදු සත්‍යතාවයක් නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ රටේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය දින කිහිපය පුරාවටම මාධ්‍ය වාර්තා කළේ එළැඹෙන ජනවාරි 10 වනදා කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර සංශෝධනයක් සිදුවීමට නියමිත බවයි.

ඒ අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්වී එය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදෙන බවට මාධ්‍ය වාර්තා පලවුණා.

කෙසේ වෙතත් මෙම නිවේදනයත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස පමණක් කටයුතු කරනු ඇති.

නමුත් කැබිනට් සංශෝධනය පිළිබදව මාධ්‍ය වාර්තා පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සදහන්ව තිබුණේ නැහැ.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES