26 C
Colombo
Saturday, November 23, 2024

ධම්මිකගේ කොරෝනා පැණියෙන් දැඩි සෞඛ්‍ය අවධානමක්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය හේතුවෙන් මේ වන විට දැඩි සෞඛ්‍ය අවධානමක් මතුව තිබෙනවා.
එම ඖෂධයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හරහා ලැබුණු ප්‍රචාරයත් සමග මේ වන විට ඔහුගේ නිවස පිහිටි කෑගල්ල ප්‍රදේශයට විශාල පිරිසක් අද උදෑසන පටන් එක්රැස්ව ඇත්තේ අදාල පැණිය ලබාගැනීමටයි.

ඒ සදහා ආරක්ෂක අංශ නිලධාරීන්ද පොලිම්වල සහභාගී වී සිටියා.
මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විටින් විට දැන්වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් මායිම් නොකරමින් ජනතාව එක පොදියට එම ස්ථානය අවට ගැවසෙන ආකාරය පහත ඡායාරූපවලින්ද අවබෝධ කරගත හැක.
මෙය අතිශය භයානක කොවිඩ් පොකුරක් නිර්මාණය කෙරෙන තත්ත්වයක් බවට මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES