වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.
එම තොගය “ආරක්‍ෂිත තොගයක්” ලෙස පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර, පසුගිය 2021 වසරේ දී ගෝලීය ආහාර මිල ගණන් පෙර වසරට සාපේක්ෂ ව 28%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.
එහි ආහාර මිල දර්ශකයේ සාමාන්‍යය 2021 වසරේ දී 125.7ක් ලෙස සටහන් වූ අතර, එය දශකයකින් වාර්තා වූ ඉහළම අගය යි.
.