25 C
Colombo
Saturday, November 16, 2024

චීන විදේශ ඇමති අද මෙරටට

- Advertisement -

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස චීන විදේශ අමාත්‍ය වැංග් යී (Wang Yi) මහතා අද (08දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බවයි සඳහන් වන්නේ.

සිය දෙදින නිල සංචාරයේදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට ඉහළ පෙළේ පිරිසක් හමුවීමට නියමිතව ඇති අතර මෙහිදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවත් වාර්තා වනවා.

චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරට චීන තානාපති චී ෂෙනොන්, උතුරුකරය ඇතුලු දිවයින පුරා සංචාරයන්හි නිරත වුණා.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් – යී දිවයිනට පැමිණෙන්නේ අප්‍රිකානු අඟ ප්‍රදේශයේ සහ මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව යි.

චීන විදේශ අමාත්‍යවරයා 2022 වසරේ ආරම්භ කර ඇති පළමු නිල විදෙස් සංචාරයේ අවසන් නැවතුම වන්නේ ශ්‍රී ලංකාවයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES