26.9 C
Colombo
Wednesday, November 27, 2024

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට හිංදි භාෂා පාඨමාලාවක්

- Advertisement -

ජනවාරි 10 දිනට යෙදී තිබූ ‘ලෝක හින්දි දිනය’ සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙහි ආරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධියතන් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම උත්සවය අතරතුර, වැඩබලන මහ කොමසාරිස්වරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් යන මහත්වරුන්ගේ විශේෂ පණිවිඩ නිවේදනය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පණිවුඩය මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත්තේ හින්දි භාෂාවේ ජනප්‍රියත්වය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය තුළ එම භාෂාව වැඩිවශයෙන් භාවිතා වන බවයි.

සාමයේ සහ දයානුකම්පාවේ භාෂාවක් ලෙස හින්දි භාෂාව වෙනත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ ඉන්දියාව සම්බන්ධ කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මහත්මිය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ලෝක හින්දි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය සඳහා හින්දි භාෂා පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබදව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී සිය සතුට පළ කළ බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

මෙම විශේෂ හින්දි පාඨමාලාව මගින් දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වන බව ද ලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...

විජේදාස CID එයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල...

POPULAR ARTICLES

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීමේ ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙන්...

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...