26 C
Colombo
Saturday, October 19, 2024

කොළඹ උපකුලපතිනිය ඉවතට. ජනපතිගෙන් නව උපකුලපතිවරයෙක්

- Advertisement -

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සදසහන් කරන්නේ අදාළ පත්වීම අද (12) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකල බවයි.

කෙසේ වෙතත් මෙම නව ධූරය මෙම වසරේ අප්‍රේල් 12 වැනි දින සිට බලපැවැත්වෙන බවද නිවේදනයේ සදහන්.

මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය හොබවනවා.

ඇය පසුගිය 2019 වසරේ අප්‍රේල් 12 වන දින එම විශ්ව විද්‍යාලයේ 18 වන උපකුලපතිවරිය ලෙස පත්වුණා.

චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය ප්‍රජනක වෛද්‍ය විද්‍යාව පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක්ද වනවා.

කෙසේ වෙතත් පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සිසුන් විරෝධය දැක්වීමේ සිදුවීමේදී ඇය එම සිසුන්ට සහය දැක්වූ බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගෙන් චෝදනා එල්ල වුණා.


RECENT ARTICLES - SINHALA

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක්...

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස ඊයේ සිදුකළේ බදු...

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

0
සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්...

POPULAR ARTICLES

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...