26.8 C
Colombo
Wednesday, November 27, 2024

ධනසිරි අමරතුංගගෙන් අදෝනාවක්

- Advertisement -

කොහුවල මංසන්ධියේ ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙම අවස්ථාවට දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනසිරි අමරතුංග මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඔහු ශෝකාලාපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

එම සටහන මගින් අමරතුංග මහතා පවසා ඇත්තේ “මට කවුරුත් ආරාධනා කළෙත් නැහැ, මම දන්නෙත් නැහැ” ලෙසයි.

නුගේගොඩ පාර අසලින් ගමන්ගන්නා අවස්ථාවේදී නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තබන ස්ථානයේ විශාල පිරිසක් ඒකරාශී වී සිටිනු දැක තමන් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියෙකු හට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් මෙම සිදුවීම දැනගත් බව ධනසිරි අමරතුංග මහතා පවසනවා.

මෙය පුදුම ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුව බිහිකිරීම සඳහා කෝටි ගණන් වියදම් කළ බවත් සදහන් කරන අමරතුංග මහතා පවසන්නේ තමන් හිඟාකා අමාරුවෙන් ඡන්ද එක්රැස්කර බිහිකල ආණ්ඩුවට තමන්ව අමතක වීම කණගාටුවට කරුණක් බවයි.

කෙසේ වෙතත් තවමත් මහින්ද රාජපක්ෂ මහතාට පණ මෙන් ආදරය කරන බවද අවසාන වශයෙන් ඔහු සදහන් කර තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු...

සුළි කුණාටුව ගැන විශේෂ දැනුම්දීමක්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල...

POPULAR ARTICLES