28 C
Colombo
Thursday, May 1, 2025

රු. 5,000 ගෙවීමට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ

- Advertisement -

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය අද (13) නිකුත් කර ඇත.

මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතිනවා.

වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් ලැබෙන්නේ නැහැ. අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට හිමිවන්නේ මෙම දීමනාවෙන් අඩක් පමණයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි.

කිසියම් අයෙක් විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබුව ද එවැනි අයෙකුට හිමිවන්නේ ද මාසයකට රුපියල් 5000ක ඉක් දීමනාවක් පමණයි.

පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණක් බව සඳහන්.

විශ්‍රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිළි කිරීම් ලබාදෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

POPULAR ARTICLES

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

පකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...