හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැක්මක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එ් සදහා උත්සහ කරමින් සිටින බව ඔහු චෝදනා කරනවා.
කිසිදු නීතිමය තත්ත්වයක් නොමැතිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතාව හිරගත කිරීමට ඔවුන් උත්සහ කරන බවයි ජයසේකර මහතා පවසන්නේ.
රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.