30 C
Colombo
Sunday, January 5, 2025

විනෝදයට ගමන් ගැනීම හේතුවෙන් මධ්‍යම අධිවේගයේ තදබදයක්

- Advertisement -

පසුගියදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ මේ වන විටත් විශාල තදබදයක් ඇතිව ඇති බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

ඒ එම මාර්ගය දැක බලා ගැනීම සදහා මෙන්ම විනෝදය පිණිස එහි ගමන් ගන්නා පිරිස අධිකවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

රථවාහන ප්‍රමාණය වැඩිවීම නිසා පිටවීමේ කවුළු අසල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින් ධාවනයේ යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු සදහන් කරන්නේ නව අධිවේගී මාර්ග කොටසේ සමහරුන් විනෝදයට අධික වේගයෙන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කළ පසුව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (16) දහවල් 12 දක්වා නොමිලයේ ගමන් කිරීමට මහජනතාවට අවස්ථාව ලබාදී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මුජිබර්ගෙන් ජනපතිට ලියුමක්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහිත්ස්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

POPULAR ARTICLES