29 C
Colombo
Wednesday, April 30, 2025

ජනපතිගේ පත්කිරීමට එරෙහිව පොහොට්ටු වෘත්තීය සමිති විරෝධතාවයක

- Advertisement -

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වාගෙන යෑම විශේෂත්වයක්.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොබැලීමට විරෝධය පලකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර අද දිනයේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයන් හට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට පශු වෛද්‍යවරුන් ප්‍රවේශපත් කවුළුවල සේවය කළ අතර විරෝධතාවයේ නිරත පිරිස් ඔවුන්ට හූ තැබීමටද කටයුතු කළා.

ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබූ ශර්මිලා රාජපක්ෂ මහත්මිය පසුගිය ඔක්තෝම්බර් 28 වනදා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළා.

ඊට පෙර එම තනතුර දරනු ලැබූවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද ඥාති දියණියක වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මියයි.

සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු යළිත් මුල් අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයකට විරෝධය පලකරමින් ඇය සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි සෝපානය කඩා වැටී තරුණයෙක් මරුට

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29)  බරපතල තුවාල ලබා ගාල්ල...

පුංචි ඡන්දෙට මෝටර් රථ දෙපාර්තමේන්තුව වැසෙන දින මෙන්න

මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ...

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය...

POPULAR ARTICLES