26 C
Colombo
Wednesday, April 9, 2025

සත්තු වත්තේ සත්‍යග්‍රහයට ඉරාජ් වීරරත්නත් එක්වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමය හා ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය විසින් මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙසටයි.

ඔවුන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොබලන බවයි.

එමෙන්ම අනතුරු සදහා ලබාදෙන දීමනාව සියලුම දෙනා හට ලබාදෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මෙම විරෝධතාවයට සහය දැක්වීම සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ආනන්ද සාගර හිමියන්ද පැමිණ සිටියා.

එමෙන්ම විශිෂ්ඨ සංගීතවේදී හා ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාද අද (18) පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.

වත්මන් රජය බලයට පත්වූ පසුව ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වුණා.

මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී පොහොර ව්‍යාපෘතියක් තමන් විසින් නවත්වා දැමීමට එරෙහිව මෙය ක්‍රියාත්මක බවයි.

මූලික පරීක්ෂණයකින් හා අභ්‍යන්තර විගණනයක් මගින් මෙම පොහොර ව්‍යාපෘතිය රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති බවට හෙළිව ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය මාස 6 තුළ සත්වෝද්‍යානය තුළ සතුන් 38 දෙනෙක් මියගිය බවට සේවකයින් නගන චෝදනාවට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහත්මිය සදහන් කළේ එම මාස 6 තුළ සත්වෝද්‍යානය තුළ උපත් 98 ක් සිදුව ඇති බවයි.

ඒ අනුව සත්වෝද්‍යානය තුළ සිටින සතුන් 3485 කින් මරණ 38 ක් සිදුවීම විශාල ප්‍රමාණයක් නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...