25 C
Colombo
Sunday, December 29, 2024

බුද්ධි තොරතුරු වල “පාස්කු” යන වචනය තිබුණේ නෑ – දේශබන්දු

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුනු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඊයේ (18) යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

දේශබන්දු තෙන්නකෝන් මේ බව සඳහන් කළේ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින්.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂි මෙහෙයවීය.

රාජ්‍ය බුද්ධි අංශය විසින් 2019 අප්‍රේල් මස 9 වෙනි දින ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වෙත යොමු කළ එකී තොරතුර ඉහළ සිට පහළට යොමු කරන ලද තවත් එක් බුද්ධි තොරතුරක් බවට පත්ව තිබුණේ යැයි දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කරන ලදි.

අන්තවාදීන් , ආගමික ස්ථාන හා ඉන්දියානු තානාපති කාර්යාලය මුල් කොටගෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධව තොරතුරු ඇතුළත් කර තිබුණ ද එම අන්තවාදී සැකකරුවන් ගේ ඡායාරූප කිසිවක් නොතිබූ හෙයින් තමන් ඇතුළු තම පහළ නිලධාරීන්ට සැකකරුවන් දැක හඳුනා ගැනීමට අවස්ථාවක් නොවූ බවයි සාක්ෂිකරු එහිදී පවසා සිටියේ.

පොලීසිය සතුව පවතින්නේ නිශ්චිත දිනයක් වේලාවක් සඳහන් කරන සිද්ධීන් වළක්වා ගැනීමේ හැකියාවක් පමණක් ද? එසේ නැති නම් විය හැකි යැයි පවසන දෙයක් සම්බන්ධයෙන් සොයා බලා වළක්වා ගැනීමේ හැකියාවක් පොලිසියට නැද්දැයි එහිදී විනිසුරු මඩුල්ල සාක්කිකරුගෙන් ප්‍රශ්න කරන ලදි.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම තොරතුර නිශ්චිත නොවූ බවයි.

අලුත් අවුරුදු නිවාඩු කාලය යෙදුන බැවින් ද 2019 ප්‍රේල් මස 18 වැනිදා සිට 21 වන දින දක්වා තමා නිවාඩු ලබා සිටි බැවින් ද පහළ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධව පසු විපරමක් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව ද සාක්ෂිකරු පවසා සිටින ලදි.

එවකට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෝ ඔහු යොමු කළ ලිපි පිළිබඳව තමාගෙන් පසු විපරමක් සිදු නොකළ බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසී ය.

වැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලබාදුන් තොරතුරු වල නිශ්චිත භාවයක් නොතිබූ නිසා ප්‍රහාරය වළක්වා ගැනීම අසීරු වූ බව සඳහන් කළා.

“ස්වාමීනි… නිලන්ත ජයවර්ධන විසින් ලබා දුන් තොරතුරු වල “පාස්කු” යන වචනය සඳහන් කර තිබුණේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බව සඳහන් කර නැහැ. ඉදිරියේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බව පමණයි සඳහන් කර තිබෙන්නේ. එහි නිශ්චිත භාවය ගැන ප්‍රශ්නයක් තිබුණා. මේක බැරෑරුම් කමක් සහිත නිශ්චිත බුද්ධි තොරතුරක් නෙවෙයි. මෙවැනි තොරතුරු අපට නිතරම ලැබෙනවා. ප්‍රහාරය එල්ල වන දිනය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා දී තිබුණා නම් ක්ෂණික ක්‍රියාමාර්ග ගෙන එය වලක්වා වීමට පියවර ගැනීමට හැකියාව තිබුණා” යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.

මෙහිදී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා නිශ්චිත දිනය හා වේලාව දැන ගෙන සිටීම අවශ්‍ය දැයි සාක්ෂිකරුගෙන් විමසුවා.

“ස්වාමීනී.. මේ තොරතුර නිශ්චිත නැහැ. වියහැකි ප්‍රහාරයක් කියලයි සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැහැ.”යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 18,19 සහ 20 යන දිනවල තමා නිවාඩු ලබා සිටි බවත් බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ එම කාලවකවානුවේ තමන් වෙනුවෙන් වැඩ බැලූ බවත් දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියා

තමා නිවාඩු අයදුම් කළේ අප්‍රේල් මස 03 වනදා බවත් එම අවස්ථාවේ සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කරන බවට ශ්‍රී ලංකා පොලීසිය වෙත තොරතුරු ලැබී නොතිබූ බවත් ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ...

POPULAR ARTICLES

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා. මෙලෙස වෙඩි...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව...

ඉන්දුනීසියාවෙන් හමුදා නැවක් කොළඹට ඇවිත්

ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට...