28 C
Colombo
Sunday, September 8, 2024

කොළඹ නගර සභා සීමාවේ කොවිඩ් මරණ 76ක් -රෝසි

- Advertisement -

මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් මරණ 76ක්ම කොළඹ නගර සීමාව තුළ සිදු වී ඇති බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

දෙසැම්බර් 10 දින මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ඒ බව පැවසීය.

අපි පීසීආර් පරීක්ෂණ 704ක් සිදුකර තිබුණා ඊයේ දවසේ 61ක් ආසාදිතයින් බවට පොසිටිව් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඇන්ටිජන් පරීක්ෂණ 1710ක් කරලා තියෙනවා. 118ක් පොසිටිව් වෙලා තියෙනවා ඊයේ දවසේ කොළඹ නගරසභා සීමාව තුළ කොවිඩ් – 19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 8,879ක්. කොළඹ නගරයේ සිදුවුණ මරණ 76ම යම්කිසි නිදන්ගත රෝගයක් හේතුවෙන් සිදුවුණ මරණ හැටියට තමයි හඳුනාගත්තේ. ඒ නිසාම අපි නිදන්ගත රෝග තියෙන අයට කියන්නේ විශේෂයෙන්ම වහාම තමාට අවශ්‍ය කරන ප්‍රතිකාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. කොළඹ නගරය හුදකලා කරපු නිරෝධායනයට ලක්වු ප්‍රදේශවල පවුල් 70,000කට වියළි ආහාර කොළඹ මහනගර සභාව විසින් ලබා දීලා තියෙනවා. තවත් 35,000කට ලබා දීමට ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරනවා පෞද්ගලික අංශයේ සහය සමග. පවුල් 13,000කට මහජන ආධාර 1000 – 2500ත් අතර මුදලක් ලබා දෙන්න ඊයේ කටයුතු කළා. ඊළඟ දින 3 – 4 තුළ අපි ඒ මුදලත් ලබා දෙනවා. මීට අමතරව කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල හා මුඛ ආවරණ ලබා දෙන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා.“

RECENT ARTICLES - SINHALA

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු...

බිරිද ඝාතනය කළ සැමියා දිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම...

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...