27 C
Colombo
Sunday, December 29, 2024

හිජාස් හිස්බුල්ලාගේ නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අධිකරණයෙන් දැඩි අවවාද

- Advertisement -

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහි නඩුවේ චෝදනාපත්‍රයේ සඳහන් සිද්ධිය සිදුවූ කාල වකවානුව සංශෝධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හදිසියේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව දිවා විවේකයෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය අද (28) නියෝග කළා.

මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ අද පෙරවරු 10:30 ට පමණ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට සහ පුත්තලම මද්‍රසා පාසලක විදුහල්පතිවරයාට එරෙහිව නඩු විභාගය ආරම්භ වුණා.

පුත්තලම මද්‍රසා විද්‍යාලයේ හිටපු සිසුවකු වන මොහොමඩ් නසාර් මොහොමඩ් මලික් පළමුවෙනි සාක්ෂිකරු ලෙස සාක්කි ලබා දීම ආරම්භ කළා.

ඔහුගේ සාක්ෂියේදී හිජාස් හිස්බුල්ලා මහතා පාසලට පැමිණි දිනය ලෙස සඳහන් කර සිටියේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දිනයක්.

තමන්ගෙ උපන්දිය වූ 2018/08/19 දින වෙනත් දෙදෙනකු පැමිණ දේශන කළ බවත්, උපන්දිනය නිසා එය හොඳට මතක බවත් සාක්කිකරු සඳහන් කළා.

නීතිඥ හිස්බුල්ලා පැමිණ ප්‍රොජෙක්ටරයක් දමා පෙන්වූයේ මොනවාද යන්න අමතක බවත්, එම දේශනය ගැන අවධානයෙන් නොසිටි බවත් සාක්කිකරු සඳහන් කළා.

ඉන්පසු සාක්ෂි අතරතුරදී රජයේ නීතිඥවරිය නැගී සිට චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බව සඳහන් කළා.

ඊට හේතුව ලෙස ඇය සඳහන් කළේ චෝදනා පත්‍රයේ සිද්ධිය සිදුවූ කාල වකවානුව ලෙස 2018 අගෝස්තු පළමුවැනිදා සිට 2018 අගෝස්තු 31 දක්වා කාලවකවානුව සඳහන් වුවද, අධිකරණයේ සාක්ෂි දෙමින් සිද්ධිය සිදුවූයේ 2018 නව වැනි මාසයේ හෝ දහ වෙනි මාසයේ බව සාක්ෂිකරු සඳහන් කළ නිසා 2018/8/01 සිට 2018/10/31 කාලය සිද්ධිය වූ කාලය ලෙස සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසයි.

එම අවස්ථාවේදී පළමුවැනි චූදිත හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් එම ඉල්ලීමට විරෝධය පල කළා.

මෙම නඩුවේ වූ සිද්ධිය සිදුවූ කාලය ප්‍රධාන වැදගත් සාධකයක් බවත්, සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර ලබාදෙමින් තමන්ගේ උපන් දිනය වූ අගෝස්තු 19 වැනිදා නීතිඥවරයා පැමිණ දේශනය සිදුකළ බව සඳහන් කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන්නා.

එහෙයින් දැන් සාක්ෂි විභාගයේ දී කාල වකවානුව වෙනස් වීම මත චෝදනා සංශෝධනය කළහොත් විත්තියට දැඩි අගතියක් සිදුවන බවත් එහෙයින් පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාද එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළා.

පස්වරු 12.50 ට අධිකරණය දිවා විවේකය සඳහා විනාඩි හතළිස් පහකට කල් තැබුවා.

දිවා විවේකයෙන් පසු විරෝධතා සම්බන්ධයෙන් සහ සංශෝධන සම්බන්ධයෙන් තීන්දුවක් දීමට නියමිතයි.

එමෙන්ම අද නඩුව නඩු විභාගයේදී සාක්ෂිකරුගෙන් පිළිතුරු අඟවන ප්‍රශ්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසීම සම්බන්ධයෙන් ද විත්තිය විරෝධතා මතු කළා.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාට පිළිතුරු හඟවන ප්‍රශ්න සාක්ෂිකරු ගෙන් නොඅසන ලෙස විනිසුරුවරිය තරයේ අවවාද කළා.


RECENT ARTICLES - SINHALA

විඩීයෝ අන්තර්ජාලයට මුදාහරින බවට සිසුවියකට තර්ජනය කරලා

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගාල්ල - නාගොඩ ප්‍රදේශයේ...

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

POPULAR ARTICLES

විඩීයෝ අන්තර්ජාලයට මුදාහරින බවට සිසුවියකට තර්ජනය කරලා

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ගාල්ල - නාගොඩ ප්‍රදේශයේ...

දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද (29) හැකිවුණා. ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වූ...

දකුණු කොරියා ගුවන් අනතුරින් 177 මරුට

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාන කර තිබෙනවා. එමෙන්ම...