27.9 C
Colombo
Saturday, November 23, 2024

බැසිල්ට තවත් ජයක්. ලිත් නඩුවෙනුත් නිදොස් කොට නිදහස්

- Advertisement -

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවයි.

එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළා.

එමෙන්ම අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙස අධිකරණය භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි...

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු...

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැන දැනුම්දීමක්

අනිද්දා (25) ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඔහු...

POPULAR ARTICLES