විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසනවා.
ඒ, ඊයේ (02) දින මාධ්‍ය හමුවක් අමතමින්.
මේ සඳහා බලකරමින් අද දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතයන බවයි එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසන්නේ.
එහිදී කලබලයක් ඇති කිරීමට බලාපොරොත්තු නොවන බවත් විදුලි අර්බුදය පිටුපස සිටින පාර්ශව සම්බන්ධයෙන් සොයා බැළීමට ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය සැපයීමට එහිදී බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.
විදුලිය විසන්ධි වීම්, පුනර්ජනනීය බලශක්ති සැපයීමට අකුල් හෙළීම් ආදිය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට එම කොමිසම හරහා හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.