පසුගිය දෙවනදා අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි සිසුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් තිදෙනා මේ වන විට රාගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.
මෙම සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද උදෑසන රාගම පොලිස් ස්ථානයට භාරවුණා.
එහිදී ප්‍රහාරය සිදුවූ දින ඔහු රාගම වෛද්‍ය පීඨයට පැමිණි BMW රථයට පොලිස් භාරයට ගැනුනා.
එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වුණා.