25.2 C
Colombo
Sunday, November 24, 2024

මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති බව වාර්තා වනවා.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා සිදු කළ පැමිණිල්ලක් (අංක බීසී/ 181/ 2022 ) මත අල්ලස් කොමිසම විසින් අදාල විමර්ශනය සිදු කරන අතර ඒ අනුව අදාල විමර්ශනය පිළිබඳව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරාගේ අත්සනින් යුතුව 2022 පෙබරවාරි 02 දිනැතිව අල්ලස් කොමිසම තරිඳු උඩුවරගෙදර මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාල ජෙට් යානයේ ගමන් කිරීම සම්බන්ධ තොරතුර ප්‍රසිද්ධ වීමෙන් පසුව එය ‘නම කියන්න බැරි හිතවතෙක්’ දුන් ත්‍යාගයක් යැයි අග්‍රාමාතත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැනුම් දෙනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES