27 C
Colombo
Sunday, November 17, 2024

මෝදි ශ්‍රී ලංකාවට

- Advertisement -

‍ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාර්තු මාසයේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙරට පැවැත්වීමට නියමිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් “බිම්ස්ටෙක් සමුළුවට” සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණිමට නියමිත බවයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් එරට නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවේදී ද අවධානය යොමුව ඇති අතර ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අපේක්ෂාවෙන් පසුවන බව එහිදී ජී.එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ලබන මාර්තු මාසයේ මෙරට සංචාරයක නිරත වන ලෙස අමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ද ආරාධනයක් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES