32 C
Colombo
Wednesday, April 2, 2025

ශ්‍රී ලංකා-චීන සබඳතාව ඉන්දියාවට තර්ජනයක් නොවෙයි – ඇමති GL

- Advertisement -

ශ්‍රී ලංකාව, චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ කොටසක් බවත් අපගේ වරායන් සංවර්ධනය සම්බන්ධයෙන් චීනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති නමුත් එය ඉන්දියාවට කිසිලෙසකින් හෝ තර්ජනයක් නොවන බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා “ද හින්දු පුවත්පත” සමග නවදිල්ලියේ දී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා භූමියේ හෝ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ කිසිදු කොටසක් ඉන්දියාවට හෝ වෙනත් මිත්‍රයින්ට අහිතකර ලෙස භාවිතා කිරීමට කවර හෝ තත්වයක් යටතේ අපි ඉඩ නොදෙන බවට නැවත නැවතත් සහතික වන බවයි අමාත්‍යවරයා ද හින්දු පුවත්පතට පවසා ඇත්තේ.

මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පහසුකම් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීන අපේක්ෂිත ගිවිසුමක් අත්සන් කර ඇති අතර, පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර ඇති බවත් ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට “විශාල වෙනසක්” ඇති කර ඇති බවත් සිය තෙදින නිල සංචාරය අතරතුර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද හින්දු පුවත්පත වෙත පවසා තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පසුගිය අගෝස්තු මාසයේ වැඩ භාර ගැනීමෙන් පසු පළමුවරට ඉන්දියාවේ නිල සංචාරයකට එක් වුණේ, එරට විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්ගේ ආරාධනයකට අනුව යි.

RECENT ARTICLES - SINHALA

සුපිරි වෙළෙඳසැල් 23කට නඩු

උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01)...

බටලන්ද විවාදය පැවැත්වෙන දිනය

බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද  (02) තීරණය කළා. විවාදය එදින...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය...

POPULAR ARTICLES