26.8 C
Colombo
Wednesday, November 27, 2024

ගෑස්වලින් උයද්දී ඩොලර් පිච්චෙනවා; දර කුස්සියට යන්න..! – සනත් නිශාන්ත

- Advertisement -

ගෑස් ලිප් භාවිතා කිරීමෙන් ඩොලර් පිච්චෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොල කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින්.

එබැවින් ගෘහණියන් යළිත් දර ලිප් භාවිතයට හුරුවිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“අද මේ වෙනකොට කෙටියෙන් කියනවා නම් අපට ආනයන කරගන්න බැරි තත්වයකට රට නිර්මාණය වෙලා තියෙනවා. මම දැන් මේ මන්ත්‍රීකම්, ඇමතිකම් කරන 24 වෙනි අවුරුද්ද. මේ කතා කරන මොහොත වෙනකොටත් අපේ ගෙදර තවමත් දර කුස්සියේ තමයි ලිප පත්තු වෙන්නෙ.

මම ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරන ආණමඩුවේ ගත්තාම ආණමඩුවේ ඕනෙ තරම් දර තියෙනවා. නවගත්තේගම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, එව්වාගෙත් සමහර උදවිය උයන්නෙ ගෑස්වලින්, දර කෑල්ල කුස්සියෙන් ගන්න පුළුවන්කම තියෙද්දී. හැබැයි මේ පිච්චෙන හැන ගිනි පුළිඟුවක් හරහා ම අපේ රටේ ඩොලර්ස් තමා පිච්චිලා පිට රටට යන්නෙ. ඒක තමා මම යෝජනා කළේ අපට දැලි කුස්සිය හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා”

RECENT ARTICLES - SINHALA

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක්...

POPULAR ARTICLES