නීතිපතිවරයාගේ කාර්යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ, සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ දින හදිසියේම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
නීතිපතිවරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නමුත් එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම සිදු කෙරෙන බවයි කාදිනල් හිමියන් පවසන්නේ.
නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලන ලෝකයේ සිටින අයගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කිරීමට නොවන බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙන අවස්ථාවක පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.