27 C
Colombo
Wednesday, January 15, 2025

රාගම වෛද්‍ය පීඨයේ ගැටුම: ජනපතිගෙන් ඇමති කමිටුවක්

- Advertisement -

රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ‘ඇමති කමිටුවක්’ පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුලු 06 දෙනෙකු මේ මස 07වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් පසුගියදා නියෝග කළේ.

මෙම පහරදීීමේ සිදුවීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගෙන තිබුණ බව වාර්තා වූ අතර මෙම සිදුවීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන්ද තාවකාලිකව ඉල්ලා අස්විය.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES