25.7 C
Colombo
Sunday, November 24, 2024

ලොහාන් බන්ධනාගාරෙට පැනපු සිද්ධියට මොකද වුණේ? – ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) පොලිස්පතිවරයාට නියෝග කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවා තිබුණා.

අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා දැනටමත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙන අතර මෙම නඩුවට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මීට පෙර නියෝගයක් නිකුත් කළා.

පෙත්සම අද කැඳවු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල අදාළ විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES