ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ සංකේත වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මෙම වැඩ වර්ජනය ලබන සඳුදා (21) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එය නතර කිරීමේ තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹ තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාද සහභාගි වී තිබෙනවා.