ඇල්ල නගරයේ හෝටලයක ඉහළ මහලෙන් ඇද වැටී විදේශිකයෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.
එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි චෙක් ජාතිකයෙක් වන අතර ඔහුගේ සිරුර මේ වනවිට දෙමෝදර රෝහලේ තැන්පත් කර ඇති බවයි පැවසෙන්නේ.
අදාල විදේශිකයා ලිස්සා යාමෙන් අද (20) දින අලුයම මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සිරුර පිළිබඳ මහේස්ත්රාත් පරික්ෂණය අද පැවැත්වීමට නියමිත වනවා.