රක්වාන උක්වත්ත ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 29 වනදා පැවති සිය විවාහ මංගල්‍යයෙන් අනතුරුව සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් මනාල යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ මනාලයා විදේශගතවීම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී මෙසේ තහවුරු වී ඇත.
මේ හේතුවෙන් උක්වත්ත ප්‍රදේශයේ පවුල් 13 කට අයත් 70 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ අතර ඉන් 10 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ කළ අවස්ථාවේ තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත.