26 C
Colombo
Saturday, January 11, 2025

යුක්‍රේන ප්‍රහාරවලින් රුසියානු ගුවන්යානයක් විනාශවෙයි (වීඩියෝ)

- Advertisement -

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු තහවුරු කරන්නේ යුක්‍රේනයට ප්‍රහාර එල්ලකිරීමට පැමිණි රුසියානු ගුවන් යානයක් Kyiv හි Darnytskyi දිස්ත්‍රික්කයට ඉහළින් වෙඩි තබා බිම හෙළා දැමූ බවයි.

ප්‍රහාරයට ලක්වූ යානය Koshytsia Street හි මහල් නිවාසයට කඩා වැටී ඇති බව නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයෙකු වන ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පවසනවා.

එම ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තා සදහන් කරන්නේ යානය කඩාවැටීමෙන් මහල් නවයක නේවාසික ගොඩනැගිල්ලක් ගිනිගෙන ඇති බවයි.

මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

යුක්‍රේන අගනුවර මීට පෙර පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇති අතර කියෙව් අසල නගරයක් වන බ්‍රෝවාරි හි හමුදා කඳවුරකට රුසියානු කෲස් මිසයිල ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES