24 C
Colombo
Sunday, November 17, 2024

අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ..! -ජොන්ස්ටන් 

- Advertisement -

රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීමක් අමතමින්.

වර්තමානයේ උද්ගතව ඇත්තේ තාවකාලික ඩොලර් ප්‍රශ්නයක් පමණක් බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. අපට තියෙන්නෙ තව එක ප්‍රශ්නයයි, අපට තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නය. කොවිඩ් වසංගතය වෙලාවෙ රටවිරුවො 168,000ක් අපි ආපහු ගෙනාවා අම්මේ තාත්තෙ. ඒ නිසා අපට ආව විදේශ විනිමය නතර වුණා. දැන් ආයෙත් 200,000 ක් කිට්ටු වෙන්න පිටරට ගිහිල්ලා ඉන්නෙ. තව 100,000 ක් අපි රට යවනවා. ලෝකයේ ප්‍රබල රටවල්වල අද අවස්ථා විවෘත කරගෙන යනවා ලංකාවේ අයට ඇවිල්ලා වැඩකරන්න කියලා. මේ තියෙන්නෙ තාවකාලික ප්‍රශ්නයක්”

RECENT ARTICLES - SINHALA

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

අමෙරිකාවේ යුධ නැවක් කොළඹට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (16) කොළඹ වරායට පැමිණෙන...

POPULAR ARTICLES