කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ලබාදීමට කිසිදු විසඳුමක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රටේ පවතින ඩොලර් හිඟතාවය හේතුවෙන් කිරිපිටිවලට වඩා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාවය දී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ අසාමාන්‍ය ලෙස ලාභ ලැබූ විදේශීය සමාගම්වලට මේ අවස්ථාවේ කල හැක්කේ පවතින දුෂ්කර තත්වය යටතේ ඔවුන්ගේ සැපයුම්කරුවන් හට ණය පහසුකමක් ලබාදීම මගින් අඛණ්ඩව සැපයුම සිදු කිරීම බවයි.
එමෙන්ම භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන්ට කිසිදු විසදුමක් නොමැති බවත් එලෙස විසඳුමක් ඇත්තේ නම් මේ වන විටත් එය ක්‍රියාත්මක කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළා.
තමන් හට පල් බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙකුවීමට නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.