22 C
Colombo
Tuesday, January 7, 2025

කොටි ත්‍රස්තවාදයට වඩා භයානක අර්බුදයක්..! – ඇපල්, මිදි සීමා කරමු

- Advertisement -

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින්.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බවයි ඇමතිවරයා පවසන්නේ.

කෙසේ නමුත් ඩීසල් මෙටි්‍රක් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් හෙට (2) සවස පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා පවසනවා.

මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත්, ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 5,000ක් බවත් එම ප්‍රමාණය ඉදිරියේදී මෙටි්‍රක් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්දියානු ණය පහසුකම් නිසා මාරතු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා කීවේය.

ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ද පවසනවා.

මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES