අද දිනයේ හදිසියේ සිදුවූ කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.බී.දිසානායක හා දිනේෂ් ගුණවර්ධන යන අය කැඳවා තිබුණා.
මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් හිස්වූ කර්මාන්ත අමාත්‍යාංශය භාරදීමට සූදානමක් පවතින බවට සැළවූ ගුණවර්ධන මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතාට කර්මාන්ත අමාත්‍යාංශය භාරදී ඉන් හිස්වන අධ්‍යාපන අමාත්‍යාංශය එස්.බී. දිසානායක මහතාට දීමට සැලසුම් කර සිටියත් දිනේෂ් ගුණවර්ධන මහතා එය භාර නොගැනීමත් සමඟ එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම හදිසි තීරණයයත් සමඟ ආණ්ඩුව තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇතිබවට තොරතුරු වාර්තා වනවා.
විදේශ අමාත්‍ය ධූරය වැනි ආණ්ඩුව තුළ ප්‍රභල අමාත්‍ය ධූරයක සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කිරීම පිළිබඳව මේ වන විටත් නොසතුටින් සිටින බවයි වාර්තා වන්නේ.
ඉදිරි දින කිහිපය තුළ තවත් අමාත්‍ය ධූර කිහිපයක වෙනසක් සිදුවන බවත් ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.