නිසි පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (05) සිට විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
අද (05) සිට විදුලි කප්පාදුව අඩු කිරීමට මීට දින කිහිපයකට පෙර රජය වූ පොරොන්දුව ක්‍රියාත්මක කිරීමටද මේ වන විට අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මේ වන විට විදුලිබල අමාත්‍යංශයේ නව ඇමතිවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කරනවා.