26 C
Colombo
Sunday, November 24, 2024

දිලුම්ට, එස්.බී ට කැබිනට් ඇමතිකම්දීම ගැන ලොහාන් අවුලෙන්

- Advertisement -

හදිසියේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟින් එස්.බී. දිසානායක හා දිලුම් අමුණුගම යන අයට කැබිනට් අමාත්‍ය ධූර ලබාදීම සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නොසතුටින් පසුවන බව වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය අහිමිවී සිටින සමයේ දැඩි කැපකිරීම් කරමින් යළිත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කළද පැවති යහපාලන රජයේද අමාත්‍ය ධූර දරා වත්මන් රජයේද කැබිනට් අමත්‍ය ධූර එස්.බී. දිසානායක මහතාට හිමිවන වට තමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීම පිළිබදව රත්වත්තේ මහතා කළකිරීමට පත්ව තිබෙනවා.

එමෙන්ම තමන්ගේද මැතිවරණ දිස්ත්‍රික්කය වන මහනුවර ප්‍රදේශයෙන් දිලුම් අමුණුගමට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදී තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ සිටීමද මේ වන විට ලොහාන් රත්වත්තේ මහතාට ගැටළුකාරී තත්ත්වයක් ඇතිව ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයාද දැනුවත් කිරීමට ලොහාන් රත්වත්තේ මහතා කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිය දේශපාලන ගමන්මඟ පිළිබදවද තීරණයක් ගැනීමටද නියමිතයි.

කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ මහතාට රාජ්‍ය අමාත්‍ය ධූර දෙකක් හිමිවී තිබුණද පසුගියදා ඔහු බීමතින් වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වෙත ගොස් ඇතිවූ සිදුවීම් දෙක හේතුවෙන් ඔහුට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වුණා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES