26.8 C
Colombo
Wednesday, November 27, 2024

විදුලිය නොකපා ඉන්න මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමක්

- Advertisement -

රජය දුන් පොරොන්දුවට අනුව ඊයේ (05) සිට විදුලිය විසන්ධි කිරීමකින් තොරව රට පවත්වාගෙන යෑම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර මහතා පැවසුවේ පවත්නා තත්ත්වය තුළ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ලංකා විදුලිබල මණ්ඩලය සිදුකිරීමට සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කරන්නේ විදුලි බලාගාර ක්‍රියාත්මක වුවත් නැතත් අඛණ්ඩ විදුලිය ලබාදීමේ මෙම තීරණය මත හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා අධි ධාරිතා ගාස්තු ගෙවිය යුතු බැවින් මෙම ක්‍රියාමාර්ගය මිල අධික වනු ඇති බවයි.

ජනවාරි මාසයේ සිට නියමිත විදුලි කප්පාදුවේ අවශ්‍යතාවය ලංවිම අවධාරණය කර තිබුනද මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම පියවර දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා දැවැන්ත අර්බුදයක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මාස 3-6ක් වැනි කෙටි කාලීනව හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකලද මධ්‍ය කාලීන පදනමින් මෙගාවොට් 200ක හදිසි විදුලිය ලබා ගැනීමට ගෙන ඇති මෙම තීරණයත් සමඟ විදුලිබල මණ්ඩලයේ අලාභය තවදුරටත් වැඩිවනු ඇති බවට විදුලිබල වෘත්තීය සමිති පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයටත් වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගය නතර කරන...

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...