26.9 C
Colombo
Thursday, December 5, 2024

සංස්ථා සිමෙන්ති වෙතින් නව ලංවා සිමෙන්තිවලට කණේ පහරක්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) විවෘත කෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලවට සංස්ථා සිමෙන්ති නිෂ්පාදනයන කෙරෙන INCEE Cement ආයතනය සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධියට පත්කරමින් සුබ පතා තිබෙනවා.

අදාළ පුවත්පත් දැන්වීමෙහි සදහන් කර ඇත්තේ අද සිට වෙළෙඳපොළට නිකුත්වන ලංවා සිමෙන්ති වෙත දේශයේ සිමෙන්ති ප්‍රමුඛයා වන අපගේ සුබ පැතුම් එක්කරන බවයි.

එමෙන්ම හම්බන්තොට මාගම්පුර කර්මාන්තපුරයේ ඉදිකෙරුණු ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීමටද සංස්ථා සිමෙන්ති හා මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති නිෂ්පාදනය කරන INCEE සිමෙන්ති යොදාගැනීම පිළිබදව 100%ක් ශ්‍රී ලංකාවේ ඒකම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස තම සමාගම සතුටුවන බවද අදාල දැන්වීමේ සදහන්.

මේ වන විට සිමෙන්ති නිෂ්පාදනය සඳහා භාවිතා කරන මෙරට ඇති එකම හුණුගල් නිදියේ අයිතිය පවතින්නේ සංස්ථා සිමෙන්ති ආයතනටයි.

මේ හේතුවෙන් දේශීය වශයෙන් සිමෙන්ති නිෂ්පාදනය කරන එකම ආයතනය වන්නේ සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය කරන INCEE සිමෙන්ති ආයතනයයි.

එම ආයතනයට අමතරව මෙරට ඇති Tokyo Super, UltraTech Cement වැනි විවිධ සන්නාම යටතේ සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතන සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය ආනයනය කර සිය අවසන් නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත්කිරීමක් සිදුකරනවා.

මේ හේතුවෙන් ලංවා සිමෙන්ති ආයතනය තුළ නිෂ්පාදනය කෙරෙන සිමෙන්තිද 100%ක් දේශීය නිෂ්පාදනයක් ලෙස හැදින්වීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

සිමෙන්ති

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...