29 C
Colombo
Wednesday, January 8, 2025

කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රාගේ නඩුව විභාගයට

- Advertisement -

කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රා යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළා.

ඒ එම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පසුගිය වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජින තරඟයේදී කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදුකළ බවට කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රා යන අයට චෝදනා එල්ල වුණා.

කුරුඳුවත්ත පොලීසිය අද අධිකරණයට දන්වා සිටියේ එම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

POPULAR ARTICLES

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක්

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයකින්...