31 C
Colombo
Tuesday, January 7, 2025

වැඩි වුණ බස්ගාස්තු ප්‍රමාණවත් නැහැ. දුරගමන් සේවා නවත්තනවා

- Advertisement -

ඩීසල් මිල ඉහළයාම පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් බස් ගාස්තු සංශෝධනය කර ඇති බැවින් අන්තර් පළාත් බස්රථ සේවාවන් නවතා දැමීමට සිදුවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසන්නේ බස් ගාස්තුව 15% කින් පමණක් වැඩිකිරීම කිසිසේත්ම දුරගමන් සේවාවන් පවත්වාගෙන යෑම සදහා ප්‍රමාණවත් නොවන බවයි.

ටයර් සහ ටියුබ් මෙන්ම ලිහිසි තෙල් සහ වාහන සේවා ලබාගැනීමේ මිල 35% කින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ නිසා ඩීසල් මිල පමණක් නොව අනෙකුත් නිර්ණායක ද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය සැලකිල්ලට ගත යුතු බවයි විජිත කුමාර මහතා පවසන්නේ.

කෙසේ හෝ ඉන්ධන මිල පමණක් සලකා බලා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් සහ දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීම නතර කිරීමට සංගමයට සිදුවනු ඇති බව ද විජිත කුමාර මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව,  එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ  චීන නිල සංචාරය...

POPULAR ARTICLES