30 C
Colombo
Wednesday, April 30, 2025

බොරතෙල් බැරලයක මිල 8%කින් පහළට

- Advertisement -

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)
සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) 8% කින් පහත බැස තිබෙනවා.

බ්‍රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් 7.7%කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 104.03ක් ලෙසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.74කින් එනම් 8% කින් පහත බැස තිබෙනවා.

ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල ලෙස සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 100.59 කි.

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා ගෙවුණු කාලයේදී බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් 34% කින් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත ලෙස ඉහළ ගියා.

රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා නැවත ආරම්භවී රටවල් දෙක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළැඹීමට මේ වන විට සූදානමින් පසුවන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුම නැවත වරක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වනවිට...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවක්ට ඇප

ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු...

ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලරයෙන් ඉවත් වෙන්න ඕනේ – පුබුදු ජාගොඩ

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

POPULAR ARTICLES