ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන හෙට දිනයේදී ජනතාවට විශේෂ සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇති හෙට (16) දිනයේ විදුලි කප්පාදු ලැයිස්තුවේ රාත්‍රි 8 සිට 9.30 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදු නොකරනු ඇති.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පස්වරු 8.30 ට ජාතිය ඇමතීමට නියමත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
මේ අනුව කිසිදු බාධාවකින් තොරව හෙට දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව සමස්ත රටවැසියන් හට රසවිදිය හැකියි.
හෙට විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැක්වෙන ලැයිස්තුව පහතින්,