24 C
Colombo
Monday, January 6, 2025

Breaking: පෞද්ගලික බවුසර් හිමිකරුවන් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය ඇණ හිටියි.

- Advertisement -

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

මීට හේතුවී ඇත්තේ ඉන්ධන ප්‍රවාහනයට අදාළව ඔවුන් ඉල්ලා සිටි ගාස්තු වැඩවීම ලබා නොදීමයි.

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අවම වශයෙන් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංගමය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කර තිබුණා.

එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිචාර ලෙස දක්වා ඇත්තේ ඩීසල් මිල වැඩිවීම පමණක් සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු වැඩිකිරීම සළකා බලන බවයි.

නමුත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළයාමද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි.

ඊට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අකමැත්ත පලකිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ සිදුකරන්නේ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයට අයත් බවුසර්වලින් වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

DIG ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් පුද්ගලයෙක් මාට්ටු

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

සමන් දේවාලයේ තේවාවන් නැවතෙයි

සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා. ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට...

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

POPULAR ARTICLES