29.1 C
Colombo
Wednesday, April 9, 2025

රුපියල් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27ක මුදල් ප්‍රමාණයක් අලුතින් රටට මුදා හැර ඇති බවට වාර්තා වනවා.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා එම මුදල් මුදාහැර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ප්‍රමාණය මාර්තු 14 වැනිදා දිනට රුපියල් බිලියන 1543.97 ලෙසින් මහබැංකු සංඛ්‍යා ලේඛනවල සටහන්ව තිබුණු අතර ඉකුත් සිකුරාදා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ප්‍රමාණය ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 1521.69ක ප්‍රමාණයක්.

එයින් ගම්‍ය වන්නේ රුපියල් බිලියන 22.27ක මුදල් ප්‍රමාණයක් අලුතින් රටට මුදා හැර ඇති බවයි.

අලුතින් මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම මහබැංකුව විසින් සාමාන්‍යයෙන් සිදුකරනු ලබනවා.

ආර්ථික විද්‍යාවට අනුව එය මුදල් සංචිත ලෙස හඳුන්වනු ලබන අතර මුදල් අච්චු ගැසීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවයි.

1949 අංක 58 දරන මුදල් නීති පනතින් මහ බැංකුවට එම බලය ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...