තෙල් සහ විදුලිය භාවිතය අවම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්.
මෙම දුෂ්කර අවස්ථාවේ ජනතාව විසින් එම වගකීම අවබෝධ කොටගෙන කටයුතු කරනු ඇතැයි තබා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ආනයන මිල පාලනය සම්බන්ධයෙන් ඇති ප්රධනතම ගැටළුව වන්නේ ලෝක වෙළඳපොල තුල වේගයෙන් ඉහළ යන ඛණිජතෙල් මිල බවත් ආනයන වියදමෙන් 20%කට වඩා වැයවන්නේ ඛණිජතෙල් ආනයනයට බවත් ඔහු පවසනවා.
පසුගිය මාස කිහිපය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩිවූ බවත් එබැවින් දේශීය තෙල් මිලද ඉහළ දැමීම නොවැලැක්විය හැකි හේතුවක් වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
වාහන සඳහා පමණක් නොව විදුලිය ජනනයටද විශාල වශයෙන් ඉන්ධන භාවිතා වන බැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රජයේ අවධාණය යොමුකොට ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.